Welcome to my blog :)

rss

Thursday, July 1, 2010

විහිලු කථා.




බඩගෑම.
සිරිපාල - මචං ඕන ගණංකාරයෙක් මට එකක් ගහයි . හැබැයි දෙවැනි එක ගහන්න බඩ ගාගෙන එන්න වෙයි .

මාතුපාල - එහෙනං උබත් හොද ගණංකාරයෙක්නේ.

සිරිපාල - නෑ.එතකොට මම ඇද යටනේ.



සොයා ගැනීම.
ගුරැතුමා - වායුවෙ ඔක්සිඡන් වායුව තිබෙන බව හොයා ගත්තේ මීට අවුරැදු 200 ඉස්සර.

ළමයා - හැබෑටම සර් ඊට ඉස්සර මිනිස්සු හුස්ම ගත්තේ මොනවද?


(මිතුරෙකු විසින් පවසන ලද කතාවකි.)

Thursday, June 24, 2010

සාමය.

ගිනි අවි වලින් නැගුණු ඒ ...............
රැදුරැ නාදයත්.
අසරන හදවත් තුල වූ ඒ ශෝකී
විලාපයත්........
අතිතයට එක් වී හමාරය.
දැන්...
යුද්ධය නිමා වි
ඇත සාමය උදාවී.
සියලු දෙන අත් වැල් බැද එක්ව
සිටින්නේ.........
හෙට දවසේ පිපෙන අරැණලු
ලොවටම කියාපාන්නටය!

මෑණියනී............

සද සිසිල
රිවි කිරණ
නොමදි සගවා
පැතුම් පිරි දෙනෙතකින්
එළිය දකින්නට
විකසිත වන
මල් කැකුළක
ස්නෙහය
අන්කවරකින් ලබයි ද?
මවුණි , දයාබර ඔබගෙන් හැර.

Friday, June 11, 2010

මිතුදම......


ඔබ දුටු විගස මගේ දෑස ලම්භ වුයේ
කර්ණ පාදයෙන් ප්‍රකාශ වු ‍‍දෙයක් මෙනි.
වෘත්තයක් බදු වූ මේ ලෝකයේ
ලඝුගණයකින් වත් විසදුමක් නොමැතිව
සිටි අප.....
සමගාමී සමිකරණයකින් ලැබු විසදුමක් ෙමන්
නොසිතු ලෙස මිතුරන් සේ ළං විය...
අප දෙදෙනාගේ මෙම මිත්‍රත්වය මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයයට
අනුව ප්‍රත්‍යෂ වුවද
ස්ථිර මිතුදම වෙන්කර දැමිමට
පයිතගරස්ටවත් නොහැකිය.

Saturday, June 5, 2010

my first post


this is a text in post.